Friday, October 17, 2014

Mark Zuckerberg Buys Chunk of Hawaii Island for $100m

ෆේස් බුක් ප‍්‍රධානියා හවායි දූපත් වෙරළ තීරයක් මිලට ගනී

 
ලෝකයේ 14 වැනි ධනවතා හැටියට සැලකෙන ඇ.ඩො.බිලියන 32.5 ක වත්කම ඇති ෆේස්බුක් නිර්මාතෘ 30 හැවිරිදි මාර්ක් ෂුකර්බර්ග් සිය පුද්ගලික පරිහරණය පිණිස හවායි දූපතක කොටසක් මිලට ගෙන ඇත.
හවායි දූපත්හි සිව්වැනි විශාලතම මුහුදු වෙරළ තීරය වන කවුවායිහි අක්කර 700 ක භූමි කොටසක් ඔහු මිලට ගෙන ඇත්තේ ඩොලර් මිලියන 100ක් වැයකරමිනි. මෙම භූමියේ අඩක් පමණ සුප‍්‍රකට පිලා වෙරළ , ප‍්‍රිස්ටීන් සුදු වැලි වෙරළ ඇතුළත් අතර ඉතිරි බිම් අර්ධය
විවිධ වගාවන්ගෙන් යුක්තය.
මාර්ක් ෂුකර්බර්ග් හා බිරිය ප‍්‍රිෂිලා හාවායිහි උතුරු කොටසේ පිහිටි මෙම සුන්දර වෙරළ තීරයට ඉතා ආසා කල අතර ඔවුන් නිරන්තරයෙන් එහි නිවාඩුවට එන බවත් වාර්තා වුණා. මේ දක්වා පිලා වෙරළ

කොටසේ අයිතිය හිමිව තිබුනේ ජිම් ෆුගර් නමැති හොන්ඩා සමාගමේ ඒජන්තයෙකුටය. ෂුකර්බර්ග්ගේ ගනුදෙනුවට ඔහු කැමතිවී එය විකුණා දමා ඇත.කෙසේ වෙතත් ෂුකර්බර්ග්ට එම පිලා වෙරළ සම්පූර්ණයෙන්ම මිලට ගන්නට බැරිව ගියේ එහි තවත් කොටසක් හිමි ඩෙන්වර් තෙල් හා ගෑස් සමාගමේ ස්ටුවර්ට් ගැරී මිල ගණන් ඉස්සූ නිසාය.ඒ නිසා ෂුකර්බර්ග්ට කොටසකින් සෑහිමකට පත්වන්නට සිදුව ඇත.
මෙම වෙරළ කොටස තමන්ට සහ පවුලේ අයට විවේකයෙන් ගත කිරීම සඳහා වෙන්කරන බව මාර්ක් ෂුකර්බර්ග් මිතුරන්ට පවසා ඇත. නමුත් මාධ්‍යවල මෙම ගනුදෙනුව ගැන පළවන දේ සම්බන්ධයෙන් නිල වශයෙන් කිසිවක් ප‍්‍රකාශ කරන්නට ෆේස් බුක් සමාගම කැමැත්ත පළකර නැත.
මේ අතරවාරයේ මේ දිනවල ව්‍යසනයක් බවට පත්ව ඇති එබෝලා වෛරස් ආසාදනය සම්බන්ධ ප‍්‍රතිකාර පර්යේෂණ අරමුදල වෙනුවෙන් ෂුකර්බර්ග් හා බිරිය ඩොලර් මිලියන 25 ක විශාල ධන පරිත්‍යාගයක්ද කර ඇති බව පසුගිය සතියේ වාර්තාවී තිබුණා.









0 Comments:

Post a Comment

Amazon Ads