Saturday, October 4, 2014

Indian player sarita devi rejects her medal - sad stroy about sarita devi

තමාට ලැබුන පදක්කම දකුණු කොරියානු ක‍්‍රීඩිකාවට පිරිනැමු ඉන්දියාවේ සරීටා දේවි.

කිලෝග‍්‍රෑම් 57 - 60 සැහැල්ලූ බර පන්තියේ බොක්සිං තරග ඉසව්වේ පදක්කම ප‍්‍රදානෝත්සවයේ දී මතභේදාත්මක තත්ත්වයක් ඇති වුණා.ඒ, තරගයේ ලෝකඩ පදක්කම දිනූ ඉන්දීය ක‍්‍රීඩිකා සරීටා දේවි සිය පදක්කම ප‍්‍රතික්ෂේප කරමින් රිදී පදක්කම දිනූ දකුණු කොරියානු ක‍්‍රිඞීකාවට සිය පදක්කම පිරිනැමීමට කටයුතු කිරීම හේතුවෙන්.
දකුණු කොරියානු ක‍්‍රීඩිකාව යළි එම පදක්කම සරීටා දේවිට ලබාදීමට උත්සාහ කළත් ඇය එය වළක්වනු ලැබුවා.ඉන්දීය ක‍්‍රීඩිකාව පදක්කම්
ප‍්‍රදානෝත්සවයේ දී මෙලෙස සිය විරෝධය පළ කර ඇත්තේ අවසන් පූර්ව තරගයේ දී තම පරාජයට විනිසුරුවන් වගකිවයුතු බවට ප‍්‍රකාශ කරමින්.

දකුණු කොරියානු ක‍්‍රීඩිකාව සමග පැවැති එම තරගය ඉන්දීය ක‍්‍රීඩිකාව එක් ලකුණකින් පරාජය වුණා.පසුව විනිසුරුවන්ගේ එම තීරණයට විරෝධය පළ කරමින් ඉන්දීය ක‍්‍රීඩා බලධාරීන් ජාත්‍යන්තර ආධුනික බොක්සිං සංගමයට අභියාචනයක් ද ඉදිරිපත් කළා.

නමුත්, එම අභියාචනාව ප‍්‍රතික්ෂේප කරන්නට ජාත්‍යන්තර ආධුනික බොක්සිං සංගමය පියවර ගත්තා.

0 Comments:

Post a Comment

Amazon Ads