Saturday, October 25, 2014

යාපනේ ඇබිත්තයන් නිසා මාට්ටුවූ ලෝකයේ කොහේවත් නැති ඩොලර් මිලියනේ නෝට්ටු ජාවාරම.

ඩොලර් මිලියනයක නෝට්ටුවක් සමඟ යාපනයේ ප්‍රධාන පන්සලක ඇබිත්තයන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්වූයේ ගිය සතියේය. ලෝකයේ කිසිම තැනක භාවිතයේ නොමැති ඩොලර් මිලියනයේ නෝට්ටු ලංකාවේ හුවමාරු කරන අය ගැන පොලිස් පරීක්ෂණ ආරම්භවූයේ ඒ අනුවයි.
ඔවුන් මෙම නෝට්ටුවල සැබෑ වටිනාකම කෝටි ගණනක් බව කියන අතර ලක්ෂ ගණනකට ගත්තත් පාඩු නෑ කියමින් විවිධ ව්‍යාපාරිකයින්ට අලෙවි කරන්නට උත්සාහ කර තිබුණා.



සාමාන්‍යයෙන් භාවිතයේ පවතින ඇමරිකානු ඩොලර් නෝට්ටු අතර ඩොලර් 1,5,10,20,50 හා 100 පමණක් පවතී.
ව්‍යාජ භාවිතය අධෛර්ය කිරීමට ඩොලර් 100 ට වැඩි නෝට්ටු  ඇමරිකාවේ මුද්‍රණය නොකරයි. මින් දශක හතක පමණ අතීතයක සිට ඒවා මුද්‍රණය නතර කර ඇත.
1969 ඇමරිකාවේ නික්සන් ජනපතිවරයාගේ සමයේ ගෙන ආ නීතියකින් එතෙක් ඩොලර් සියයට වැඩි ගණන් වලින් (500,1000,10000,100000 වශයෙන්) පැවති නෝට්ටු බැංකු මගින් එක්රැස්කර භාවිතයද නතර කර ඇත. ප්‍රදර්ශනය සඳහා සහ සමරු වටිනාකම් සඳහා පමණක් ඇතැම්

අවස්ථාවල ඩොලර් සියයට වැඩි නෝට්ටු මුද්‍රණය කළද ඒවායේ මූල්‍ය වටිනාකමක් නැති අතර භාවිතය කිරීමක්ද සිදු නොවේ.

පසුගියදා යාපනයෙන් සොයාගත් නෝට්ටුවෙන් පසු සිදු කළ පරීක්ෂණ අනුව අමෙරිකාවේ සමරු තිළිණයක් ලෙස සකස් කර ඇති ඩොලර් මිලියනයක නෝට්ටු මෙරට තුළ අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව පොලිසිය සොයාගෙන තිබෙනවා.

ඩොලර් නෝට්ටු ගැන කිසිදු අවබෝධයක් නැති පිරිස් මෙම ජාවාරමට දැනටමත් හසුව ඇති බවද සොයාගෙන ඇත.

එය කිසිදු වටිනාකමකින් තොර බැවින් ජාවාරම්කරුවන්ට හසුනොවන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙම ජාවාරමේ නිරතවූ පුද්ගලයන් හතරදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර කිසිදු මූල්‍යමය වටිනාකමකින් තොරවූ එම ඩොලර් මිලියනයේ නෝට්ටුව මෙරට තුළ රුපියල් ලක්ෂ දෙකකට අලෙවි කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත.

රුපියල් කෝටි දහ තුන හමාරක් පමණ වටිනා බව කියමින් ඇමෙරිකානු ඩොලර් මිලියනයක බැංකු නෝට්ටුවක් සහිතව සිටි යාපනයේ ප්‍රධානතම විහාරස්ථානයක ඇබිත්තයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබුනේ නාවික හමුදාවයි. ඔවුන්ව පොලිසියට භාරදීමෙන් පසු ඉහත පරීක්ෂණ සිදුව තිබුණා.

0 Comments:

Post a Comment

Amazon Ads