Friday, October 10, 2014

Godzilla (2014) | බිහිසුණු දැවැන්තයා…[සිංහල උපසිරැසි සමඟ]


මුහුද කියන්නේ අමුතුම ලෝකයක්. මතුපිටින් ලොකු ජල කඳක් දැක්කට ඒ ඇතුලේ වෙනස් සහ අපි මේ පය ගහලා ඉන්න ඉඩට වඩා වැඩි ප්‍රමාණයක භූමි ප්‍රමාණයක් ආවරණය කරගෙන තියෙනවා. ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් පෘතුවි මතුපිටෙන් 71% ප්‍රමාණයක් ජලය මගින් ආවරණය කරගෙන තියෙනවා. ඉතිරි 29% වගේ පොඩි ඉඩක තමයි මිනිසා කියන සත්වයා සේරම සෙල්ලම් දාන්නේ. ඉතින් මේ මෙච්චර විශාල භූමියක් ආවරණය කරගෙන තියෙන මේ අමුතු ලෝකය ඇතුලේ මොනවගේ පුදුම තියෙනවද කියලා අපිට තවම නිශ්චිතවම කියන්න බැහැ. මොකද විවිධ විවිධ සාගර වල වෙනස් වෙනස් තත්වයන් තියෙන්නේ ඒවාගේ ඉන්න ජීවිනුත් විවිධාකාරයි. ඒ ඒ ස්ථානයට සෑම ජීවියෙක්ම හැඩගැහිලා තියෙන්නේ. මේ කිව්වේ මුදුද යට ලෝකය ගැන.
දැන් කියන්නේ අපිට කලින් පෘතුවිය රජ කරා කියන සත්ව කොට්ඨාශයක් ගැන. හැමෝම දැනට හිතාගෙන ඉන්නේ ඩයිනෝසර යුගය අවසන් වීමට හේතුව විශාල උල්කාවක් කියලා. ඒක එහෙමයි කියමුකෝ එත් මේ ප්‍රාග් ඓතිහාසික යුගය තුල පෘතුවිය තුල හිටපු භීමරූපියන් වාසය කලේ ගොඩ බිම පමණක්ද? මේ සත්වයන් ජලය තුලත් වාසය කලා. ඒ වගේම ඒ කාලය වෙනකොට පෘතුවිය කියන්නේ එතරම් සුන්දර පරිසරයක් නෙමේ ජීවය පවත්වා ගැනීමට. මේ ගැන ටිකක් දැනගන්න තිබ්බා මම මීට කලින් උපසිරැසි යෙදු “පෘතුවියේ විකසනය” සම්බන්ධ වැඩසටහන බැලුවා නම්. ජීවයට හිතකර නැහැ කිව්වේ මේ සත්වයන් වාසය කල කාලය තුල පෘතුවිය කියන්නේ ඉතාමත් උණුසුම් තැනක්. ඒ වගේම විවිධ විකිරණ ශීලී ද්‍රව්‍ය බහුල තැනක්. ඉතින් ඒ වගේ තැනක ජිවත් වෙන කෙනෙක් නම් ඒ පාරිසරික සාධක වලට ඒ සතුන් අනුරූප වෙන්න අනිවාර්යෙන් සිද්ධ වෙනවා. මෙහෙම අය ගොඩ බිම වගේම ජලයේත් වෙසෙන්න ඇති. මේ කිව්වේ අද මේ ඉදිරිපත් කරන චිත්‍රපටය ගැන පූර්ව පැහැදිලි කිරීමක්. මේ චිත්‍රපටය පාදක වෙන්නේ මෙසේ වසර මිලියන ගාණක් වෙසෙන සත්වයෙක් ගැනයි. මෙයා අර කලින් කිව්වා වගේම පෘතුවි ගර්භය තුල තියෙන විකිරණ තම අහාර ප්‍රභවය බවට පත් කරගෙන ජිවත් වෙන්නේ. නමින් “ගොඩ්සිලා”. ඒ උනාට මිනිසුන්ට හානියක් නැති සත්වයෙක්. තමන්ගේ පාඩුවේ තියෙන දෙයක් කාලා ඉන්න කෙනෙක් ;) මේ සත්වයා ගැන විස්තර දන්නේ මෑතකදී නෙමේ. මීට වසර ගානකට පෙරාතුව මුහුද තුල කල පරමාණු බෝම්බ හෙලීම් වලට මූලික හේතුව මේ ගොඩ්සිලා. මිනිසුන්ට කරදරයක් නැති උනාට අපරාදේ කියන්න බැහැ මේ පාඩුවේ ඉන්න කෙනාට අපේ උන්දලා ඉන්න දීලා නැහැ :P ලෝකයට බෝම්බ පරීක්ෂාවක් කිව්වට මේ අය කරලා තියෙන්නේ ගොඩ්සිලා දඩයම.
මේ දේවල් මෙහෙම වෙද්දී තාප ජපානයේ ජන්ජිරා වල න්‍යෂ්ටික බලාගාරයක සේවය කරන ඇමෙරිකානු යුවලක් අමුතුම අත්දැකීමකට මුහුණ දෙනවා. ජෝ බ්‍රොඩි සහ ඔහුගේ බිරිඳ සැන්ඩ්‍රා බ්‍රොඩි තමයි මේ දෙන්නා. එයාලගේ පුත්‍රයා ෆෝර්ඩ් බ්‍රොඩි. ජෝට අහන්න ලැබෙනවා බලාගාරය අවට භූකම්පන රටාවක් ඇතිවෙමින් පවතින බව. මේ ගැන තරමක අවධානයක් මීට කලින් පටන්ම ජෝ ලබා දීලා තියෙනවා.  මේ ගැන සොයා බලන්න ප්‍රතික්‍රියාකාරකය අසලට යන්නේ සැන්ඩ්‍රා බ්‍රොඩි සහ පිරිසක්. ඒත් අවාසනාවකට ඇය සහ මේ පිරිසට මේ යන ගමන තමන්ගේ ජිවිතයේ අවසන් ගමන කරගන්න සිද්ධ වෙනවා. ඒ බලාගාරය අභ්‍යන්තරයේ සිදු වෙන බිඳ වැටීමක් නිසා ඒ නගරයටම විකිරණ නිරාවරණය වෙලා නගරය ජන වාසයට නුසුදුසු වෙනවා.  එත් මේ බලාගාරය ඇතුලේ සිද්ධ උනේ මොකද්ද? මේ ඇත්තටම භූ කම්පනයක්ද? ජෝ කලින් ඉඳන්ම දැනගෙන හිටියේ මොනවද? ඒත් මේ සිදුවෙමෙන් වසර 15 කට පස්සේ ජෝ මේ උනේ මොකද්ද කියලා හොයන එක නතර කරලා නැහැ. ඒ වගේම ලෝකය වටා තවමත් විවිධ සිදුවීම් වෙනවා එත් ලෝකයට රහසින්. දැන් ඒ හැම රහසක්ම මුළු ලෝකයටම එළිදරවු වෙන්නයි යන්නේ….
චිත්‍රපට අදායම් ගැන සඳහන් කලොත් දැනට ලොව වටා ඩොලර් මිලියන 500.7ක් උපයාගෙන තියෙනවා. ඒ වගේම නිෂ්පාදන පිරිවැය වෙන්නේ ඩොලර් මිලියන 160ක්.  IMDb දර්ශකය තුල ලකුණු 7.1ක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තියෙන්නේ Gareth Edwards විසින්. ඒ වගේම මෙහි දෙවැන්නක් වෙනුවෙනුත් දැනටමත් 2018 ජුනි 8 වෙනිදා වෙන් කර අවසන් කියලා සතුටින් දැනුම් දෙන්න ඕනේ. එහෙනම් මේ නොවිසිඳුන අභිරහස හොයා ගන්න එක ඔයාලට භාර කරනවා. එහෙනම් හැමෝටම සුබ දවසක් ඒ වගේම ජය වේවා!
තව දෙයක් මීට කලින් මේ චිත්‍රපටයේ මේ නමටම සමාන චිත්‍රපට රැසක් 1954 පටන් තිරගත වෙලා තියෙනවා. 1998 දී තිරගත කල චිත්‍රපටය සහ මේ චිත්‍රපටය තමයි අපි හැමෝම අතරේ ජනප්‍රිය උනේ.  ඒ ගැන ගොඩක් මතකයේ හිටින්න හේතුව ඉස්කෝලේ යන කාලේ ඉස්කොලේදීම මේ චිත්‍රපටය බලන්න අවස්ථාවක් ලැබුනා පුළුල් තිරයකම. ඉතින් මේ චිත්‍රපටය මට නම් මගේ පාසැල් අත්දැකීමක්.

0 Comments:

Post a Comment

Amazon Ads