Saturday, October 4, 2014

Lamborghini Asterion (hybrid)


එකක් දෙකක් තිබුණත් ඉතාලි මෝටර් රථ සන්නාමයක් වන ලැම්බෝගිනි ලංකාවේ ඉතාමත් ප්‍රසිද්ධය. මෙරට දේශපාලන පිටිය රත් කරන මාතෘකාවක් බවට ලැම්බෝගිනි පසුගිය කාලයේදී පත්වූ බව අප කොයි කවුරුත් දනිති.

ලොව ප්‍රකට සුඛෝපභෝගී මෝටර් රථ නිපදවන ලැම්බෝගිනි සමාගම විසින් 2014 පැරිස් මෝටර් රථ ප්‍රදර්ශනයේදී සුපිරි දෙමුහුන් (hybrid) මෝටර් රථයක් එළිදක්වා තිබේ.

අශ්වබල 910 ධාරිතාවයකින් යුතු මෙම මෝටර් රථය නම්කර තිබෙන්නේ Lamborghini Asterion LPI 910-4 ලෙසයි.

මෙම මෝටර් රථය පිළිබඳව අදහස් දක්වමින් ලැම්බෝගිනි සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී, Stephan Winkelmann පවසා තිබෙන්නේ පරිසර දූෂණය අඩුකරන මෙම මෝටර් රථය විප්ලවීය හඳුන්වා දීමක් වනු ඇති බවයි.

කලකට පසුව ලැම්බෝගිනි සමාගම හඳුන්වා දුන් මෙම මෝටර් රථය මිලදී ගැනීමට හැකි වන්නේ ලොව සුපිරිම ධනවතුන්ට පමණක් බව පැවසෙන්නේ එය එතරම්ම මිල අධික හෙයිනි.



අළුත්ම ලැම්බෝගිනිය මෙන්න.





0 Comments:

Post a Comment

Amazon Ads