Friday, October 17, 2014

Premalal & Harshani's Great Love Ends in Marriage

ආබාධිත වුවත් නිම නොවූ අට අවුරුදු සෙනෙහස විවාහයෙන් මල්ඵල දරයි

අවසන් යුද්ධයේදී ආබාධිතවූ සෙබළෙකුගේ අට අවුරුදු පේ‍්‍රමයක් විවාහයකින් කෙළවර වූ සුන්දර මොහොත ඊයේ ගම්පහදී සිදුවුණා.
රණවිරු කෝප‍්‍රල් මහින්ද පේ‍්‍රමලාල් යක්කල හර්ෂනී විෙඡ්සූරිය සමග අතිනත ගැනීමෙහි මෙම අවස්ථාව විශේෂ වන්නේ මෝටාර් ප‍්‍රහාරයකට ලක්ව දැඩි ලෙස තුවාල ලබා තුනටියෙන් පහළ අප‍්‍රාණිකව සිටියදී ඔහුගේ පෙම්වතිය ඔහු හැර නොගිය බැවිනි. 2006දී පේ‍්‍රමයෙන් බැඳුණු පසු 2008 දී මෙම අවාසනාවන්ත ප‍්‍රහාරයට ඔහු ලක්වුණ අතර පසුව සදාකාලික ආබාධිත තත්වයට පත්ව රාගම රණවිරු සෙවණේ නතරවන්නට සිදු විය.
ඇතැම් අයට මෙවැනි ප‍්‍රහාර වලින් පසු පෙම්වතියන් අහිමිව ගියද පේ‍්‍රමලාල්ට එසේ වූයේ නැත.
මාතලේ ප‍්‍රදේශයේ තරුණයෙකුවූ පේ‍්‍රමලාල්ට හර්ෂණී මුණගැසී ඇත්තේ 2006 වසරේ මේ දෙදෙනාම සේවය කරමින් සිටි යක්කල ප‍්‍රදේශයේ කර්මාන්ත ශාලාවකදීය. ඔවුන් පේ‍්‍රමයෙන් බැඳී
සිටින අතර 2007දී පේ‍්‍රමලාල් හමුදාවට බැඳී ඇත්තේ කර්මාන්ත ශාලාවේ සේවයෙන් ඉවත්ව ගොස්ය.
10 වන ගජබා රෙජිමේන්තුවේ සේවය කරමින් යුද පෙරමුණට ගොස් තිබුණ ඔහු මෝටාර් ප‍්‍රහාරයට ලක්වූයේ 2008 කිලිනොච්චි ප‍්‍රදේශයේ රාජකාරී කරමින් සිටියදීය.
යුද්ධය දරුණු ලෙස පැවති වකවානුවේ හර්ෂණීට පේ‍්‍රමලාල් ගැන ආරංචි ලැබී නැත. ඔහු සමග මාස 6 කට වැඩි

කාලයක් කිසිදු පණිවිඩයක් හුවමාරු නොවී පැවති කාලයේ පේ‍්‍රමලාල්ට අනතුරක්වී ඇති බව හර්ෂණී දැනගෙන ඇත්තේ ඥාතියෙකුගේ මාර්ගයෙනි.
ඒ වනවිට ඔහු රණවිරු සෙවණේ ප‍්‍රතිකාර ලබමින් සිටි අතර පේ‍්‍රමලාල් සොයා ඇය ගොස් තිබුණා. නමුත් පේ‍්‍රමලාල් ඇය ඔහුව සොයා ඒවියයි විශ්වාස කර නැත. ඔහු කියා සිටියේ තම වෙත හර්ෂණී යළි පැමිණීම ජීවිතයේ අපරිමිත සතුටකට හේතුවූ බවයි. ඔහු හැර නොයා ඇය සිටීම නිසාම සිය ජීවිතයේ ඉදිරිය ගැන අලූතින් සිතන්නට හැකිවූ බවද ඔහු කියා සිටියා.
ඊයේ බැලූම්මහර සෙනෙත්මා උත්සව ශාලාවේදී ඔවුනගේ විවාහ අවස්ථාවට මනාල රණවිරුවා පැමිණියේ රෝද පුටුවෙනි. දෙපාර්ශ්වය වෙනුවෙන් අත්සන් තැබීමට අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා මේජර් ජනරාල් ප‍්‍රසාද් සමරසිංහ කටයුතු කළා.
ත‍්‍රස්තවාදීන්ගේ ග‍්‍රහණයෙන් දිවයින මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුමේදී මෝටාර් ප‍්‍රහාරයකට ලක්වූ රණවිරුවාව ජීවිත කාලය පුරා ඔහු රැුක බලා ගැනීමේ දැඩි අධිෂ්ඨානයෙන් ඉදිරියට කටයුතු කරන බව මනාලිය කියා සිටියේ කවුරුත් හැ`ගුම්බර කරමිනි.
මෙම උත්සවයට ‘ගම්පහ සියනෑවේ අපි’ සංවිධානය මගින් සංවිධාන කරන ලද මේ ආකාරයේ තෙවැනි විවාහ මංගල්‍යයයි.

0 Comments:

Post a Comment

Amazon Ads