Thursday, October 2, 2014

Government declares October 6 a public holiday

ලබන 2014-10-06 සඳුදා ප‍්‍රසිද්ධ හා විශේෂ බැංකු නිවාඩු දිනයක්.

ලබන (05) ඉරිදා හජ් දිනය යෙදී ඇති අතර ඒ අනූව පසුදින (06) වැනිදා රජයේ හා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් ප‍්‍රකාශයට පත් කර ඇත.

කොළඹ මහ පල්ලිය විසින් පසුගිය මස 25 දිනයේ දිවයිනේ කිසිදු ප‍්‍රදේශයක පූර්ව සඳ නොදුටු බව ප‍්‍රකාශ කිරීමත් සමඟ රජය විසින් මේ මස (05) ලබාදීමට නියමිතව තිබූ අදාළ නිවාඩුව තවත් දිනකින් පසුව මේ මස (06) ලබාදීමට නියමවී තිබේ.

1971 අංක 29 දරන නිවාඩු පනතේ 10 (1) (අ) වගන්තිය හා 11(1) (අ) වගන්තියෙන් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්.ඞී. ජේ. සෙනවිරත්න මහතා වෙත ලබාදී ඇති බලතල අනුව මේ තීරණය ගෙන ඇත.

0 Comments:

Post a Comment

Amazon Ads