Tuesday, October 14, 2014

President Rajapaksa arrives in Jaffna after historic Yal Devi train trip

තල් සෙවණේ පහස විදගත් යාල්දේවිය....

තල් සෙවණ සිපගෙන හමන මඳනළ අද ටිකක් වෙනස් වෙන්න ඇති. කාලෙකින් දැක්ක යාල්දේවිය යාපනේ වැසියන් පිළිගත්තේ මහ ඉහළින්.

නෑ ගම් ආපු යාලිදේවියේ හිටපු අමුත්තවත් යාපනේ වැසියන් පිළිගත්තේ තමන්ගේ මුළු හදවතින්මයි. මහින්ද රාජපක්ෂ ජනපතිතුමාව උතුරේ වැසියෝ පිළිගත්තේ දුම්රියපොළ පමණක් නෙවෙයි මුළු නගරයම සරසලා. බෝම්බ පුපුරන හඩින් කන්අඩි පැළුනු වෙඩි හඩට හඳවත ගැහුණු ඒ අහිංසක මිනිසුන්ගේ මූණුවල අද තිබුනේ හරිම අව්‍යාජ සිනහවක්. යාපනයේ සිගිත්තෝ යාල්දේවිය දිහා බලාගෙන හිටියේ අනාගතයට පාර කියන දේදුන්නක් දිහා බලාගෙන ඉන්නවා වගේ. යාල්දේවිය පලෙයි සිට පැයකුත් මිනිත්තු හතරක ගමනකින් පසු අද (13* පෙරවරු 11.13 ට යාපන දුම්රියපොළට ළගා වුණා. ඒ උතුරුකරයේ නෑයන්ගේ අතුපොලසන් හඩ මැද්දේයි. උතුරු කරයේ නෑයන්ට දකුණුකරයේ නෑයන් දකින්නට පාර පෙන්වූ මේ රේල් පීලි ආයමත් වෙන් එකක් නෑ. මෙම දුම්රියේ ගමන් කිරීම සඳහා කොළඹ යාපනය දක්වා තුන්වන පන්තිය 320 ක්ද දෙවන පන්තියට 800 ක්ද පළමු පන්තිය වෙනුවෙන් 920 ක්ද දැරීමට වෙයි.






0 Comments:

Post a Comment

Amazon Ads