Wednesday, October 1, 2014

Wireless Charger. වයර් නැතිව ෆෝන් චාජ් කරන්න උපකරණයක්.

ජංගම දුරකථනය සාක්කුවේ තිබියදීම එය චාජ් කරගැනීමට හැකි උපකරණයක් නිපදවීමට මැසචුසෙට්ස් තාක්‍ෂණික ආයතනයේ විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇතැයි වාර්තා වේ. මැග්නටික් මිමෝ ලෙස නම් කර ඇති මෙම උපකරණය මගින් සෙන්ටිමීටර් 40ක දුරකින් ඇති ජංගම දුරකථනයක් හඳුනාගෙන එය ඉලක්ක කරගත් චුම්භක ක්‍ෂේත‍‍්‍රයක් යෙදවීම මගින් එහි බැටරිය ආරෝපණය කරනු ඇත.

මෙම උපකරණය භාවිතයෙන් සෙන්ටිමීටර් 30ක දුරකදී අයිෆෝන් 4සී දුරකථනයක් කිසිදු ආරෝපණයක් නැති තත්වයේ සිට පූර්ණ අවස්ථාව දක්වා චාජ් කිරීමට පැය 5ක කාලයක් ගතවී තිබේ.

එය සාමාන්‍ය චාජරයකට ගත වන කාලය මෙන් දෙගුණයක් වුවත් විශේෂත්වය වන්නේ දරකථනය ඔබේ සාක්කුවේ, මේසය මත හෝ චලනය වෙමින් තිබුණද එය ආරෝපණය වීමයි.

මැසචුසෙට්ස් තාක්‍ෂණික ආයතනයේ කණ්ඩායම් ප‍‍්‍රධානි ඤූුනා කටාබි පවසා ඇත්තේ යමෙකුගේ ජංගම දුරකථනය ඔහු මේසය මත සිටින අවස්ථාවේදී චාජ් වී ඔහු රැුස්වීමකට ගොස් යළි පැමිණි පසු ස්වයංක්‍‍්‍රීයව චාජ් වීම ඇරඹෙන තාක්‍ෂණයක් ගොඩනැගීම තම අරමුණ වූ බවයි.

මැග්මිමෝ උපකරණය වයිෆයි තාක්‍ෂණයට සමාන ආකාරයකින් හැසිරේ.

තම සංඥා ක්‍ෂේත‍‍්‍රයට සම්බන්ධ වන උපාංගයක් වයිෆයි රවුටරය විසින් හඳුනාගෙන ඒ වෙත සංඥා ඝනත්වය ඉහළ නංවන අතර මෙහිදී උපකරණයේ චුම්භක ක්‍ෂේත‍‍්‍රය ජංගම දුරකථනයක් හෝ වෙනත් උපකරණයකින් බාධා වීම සමග එය වෙත චුම්භක ක්‍ෂේත‍‍්‍රයක් ගොඩනැගීමට සලස්වා තිබේ.

0 Comments:

Post a Comment

Amazon Ads