Friday, October 3, 2014

Apple New tool to check the icloud Activation Lock

 ඇපල් ෆෝන් එකක් ගන්න කලින් බැලිය යුතු වටිනම කාරණය.

ඔන්න ඇපල් සමාගම ඇපල් ෆෝන්
Second Hand අලෙවි කරන අයට තිබුණ ලොකුම ප‍්‍රශ්නය විසදන්න අලූත් ටූල් එකක් හදුන්වා දුන්නා.


අයිෆෝන් එහෙම බාවිතා කරන අය දන්නවා ඇති
icloud lock එක ගැන. ඒ ලොක් එක දාපු ෆෝන් එකක ලොක් එක ගැන කියන්න දෙයක් නෑ 100‍% ක්ම ෆෝන් එක ආරක්ෂිතයි. මෙන්න මේ ලොක් එක දාපු ෆෝන් තමයි සමහර අය ඊබේ ( Ebay ) ඇමෙසන් ( Amazon ) වල ගොඩක් අය අඩු මිලට විකුණන්නේx ඒවගේම අපේ රටෙත් ෆේස්බුක් ගෘප් වල සහ ප‍්‍රධාන පෙලේ මිලදී ගැනීම් සහ විකුණුම් සිදු කරන වෙබ් අඩවි වලද ගොඩක් අය මේ icloud lock ෆෝන් අලෙවි කර මිනිසුන් මුලාවට පත් කරනවා අපි දැක්කා.

 
මෙම ෆෝන් අලෙවි කරන වෙබ් අඩවි වල අපිට දැක ගත හැකි විශේෂිත දේ තමයි මේ ලොක් එක දාපු අයිෆෝන් හෝ අයි ඩිවයිස් එකේ මිල ගණන් 50‍්‍ර කින්ම මිල අඩුයි. සමහර අය ඉතින් මේ හේතුව දන්නේ නැතුව මිලදී ගනන්වා ලොක් එක කාටහරි කියලා කඩාගන්න පුලූවන් කියලා.

මතක තියාගන්න අයි ක්ලවුඞ් ලොක් එක දාපු කිසිම් ඇපල් ෆෝන් එකක් හෝ ඇපල් අනෙකුත් උපාංගයක් මිලදී ගන්න එපා.
ඒකට හේතුව අපි ඔයාලට කියන්නම්.
ලෝකේ තවම ඇපල් අයික්ලවුඞ් ලොක් එක කඩපු එක හැකර් කෙනෙක් වත් නැත.
ලොක් වූ ෆෝන් එකක අයිතිය කිසි විටෙක මිලදී ගත් කෙනා සතු නොවේ.
සොරකම් කල ඇපල් උපාංගයක් ඔබ මිලදී ගෙන ඇත්නම් මෙම අයි ක්ලවුඞ් ලොක් එක මගින් අදාල ෆෝන් එක තිබෙන තැන පවා බලන්න පුලූවන් එතකොට ඔයා මිලදී අරගෙන් තියෙන්නේ සොරකම් කරපු එකක් නම් නැති ප‍්‍රශ්න තමයි ඇති වෙන්නේ.
අයිෆෝන් ලොක් බයිපාස් කලහැකි අතර නමුත් ඇපල් ෆෝන් එකක් නම් ප‍්‍රධාන වශයෙන් කෝල් ගැනීමේ පහසුකම් ක‍්‍රියා විරහිත වේx බයිපාස් කරන විදිය අපි ඔයාලට කලින් ලිපි වලින් ඔයාලව දැනුවත් කරල තියෙනවා.

හරි දැන් එමු අපේ ප‍්‍රධාන මාතෘකාවට. කොහොමද අයි කල්වුඞ් ලොක් නැති සෙකන්ඞ් හැන්ඞ් ෆෝන් එකක් මිලදී ගන්නෙ.


යන්න මෙම වෙබ් අඩවියට www.icloud.com/activationlock

    දැන් මිලදී ගන්න ඉන්න අයිෆෝන් එකේ IMEL නම්බර් එක ගහන්න ඉහත වෙබ් අඩවියට ගිහින්x අයිෆෝන් එකක් නම් *#06# ඩයල් කරලා බලාගන්න පුලූවන්x නැත්තම් ඇපල් උපාංගයේ Setting > General > About වලින් බලාගන්න පුලූවන් ඉලක්කම් 15 කින් සමන්විතයි.


මේකෙදී අපිට බලාගන්න පුලූවන් ඇපල් ඩිවයිස් එක අයි ක්ලවුඞ් ලොක් එකක්ද නැද්ද කියලා. ලොක් එකක් නම් ෆෝන් එක අයිති කෙනාට කියලා ලොක් එක අයින් කරගෙන ෆෝන් එක මිලදී ගන්න  ඕනෙ.
මොකද මුලින් සදහන් කරපු ආකාරයට ලොක් එක දාපු කෙනාට ඇරෙන්න මේ ලොක් එකනම් කඩන්න සහ අයින් කරන්න බෑ.

ඇපල්  සමාගම මෙම ඔන්ලයින් ටූල් එක හදුන්වා දුන්නේ ඊයේ දිනයේ තමයි. ඇපල් උපාංග අලෙවි කරණ
Third Party Sellers ලාට  සහ ගැණුම් කරුවන්ට මේක ඉතාමත් වටිනා ආරංචියක්.

මේ පහත වීඩියෝව බලන්න ලොක් දාලා තියෙන අයිෆෝන් එකක ලොක් එක අයින් කරන විදිය.

 

0 Comments:

Post a Comment

Amazon Ads