Friday, October 17, 2014

ෆොන්සේකාගේ නම ඡුන්ද හිමි නාමලේඛනයෙන් කපාදමයි

 
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතාගේ නම ඡුන්ද හිමි නාම ලේඛනයෙන් ඉවත්කරන ලෙස නීතිපතිවරයා මැතිවරණ කොමසාරිස්වරයාට ඊයේ සවස උපදෙස් දී තිබෙනවා.
ප‍්‍රජා අයිතිය අහිමි කිරීමෙන් පසුවත් පසුගිය පළාත් සභා මැතිවරණයේදී ඡුන්දය පාවිච්චි කිරීම නිසා සරත් ෆොන්සේකා මහතාට ඡුන්ද අයිතිය ඇතිද නැතිද යන්න ගැන ගැටලූකාරී තත්වයක් මතුව තිබුණ අතර එය පැහැදිලි කරන්නැයි
මැතිවරණ කොමසාරිස්වරයා නීතිපතිවරයාගෙන් මින් ඉහත ඉල්ලීමක් කර තිබුණි. නීතිපති දේපාර්තමේන්තුව ඒ අනුව සිදු කළ විමර්ශනයකින් අනතුරුව පෙර
කී තීරණය ඊයේ දැනුම්දී ඇත.
ඒ අනුව සරත් ෆොන්සේකා මහතාගේ නම 2014 ඡුන්ද හිමි නාම ලෝඛනයෙන් ඉවත් කරනු ඇත. ඔහුගේ නම කැස්බෑව ඡුන්ද කොට්ඨාශයේ ලියාපදිංචිව තිබුණි.
සරත් ෆොන්සේකා මහතාගේ නම ඉවත් කිරීම ගැන අද පක්ෂ ලේකම්වරුන් ඉදිරියේ මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිල වශයෙන් දැනුම්දීමට නියමිතය.
මෙම වාතාවරණය මත සරත් ෆොන්සේකා මහතාට ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයෙකු ලෙස තරගකරන්නට හැකිද යන්න ගැනද ගැටලූකාරී තත්වයක් මතුව තිබේ.

0 Comments:

Post a Comment

Amazon Ads