Friday, October 17, 2014

hitleap Run කරන ආකාරය (බ්ලොග් / වෙබ් වලට ඇති තරම් Traffic ගන්න ඕනේ අය මේක බලන්න)


අද මන් ලියන්නේ hitleap Run කරන ආකාරය පිලිබදවයි. hitleap Run කරලා පුලුවන් ඕනම බ්ලොග් / වෙබ් එකකට Traffic ගන්න පුලුවන්. මේක ඔය ගොඩක් ජනප්‍රිය වෙබ් අඩවි වල හිමිකරුවන් පවා කරන දෙයක්. ඒ වගේම. අපිට පුලුවන් hitleap Run කරලා free Minutes අරන් ඒවාගෙන් එන Traffic එක වෙන අයට සල්ලි වලට විකුනන්න හිටන් පුලුවන්. fiverr වලත් මේ විදියට Traffic එක විකුනන්න පුලුවන් කියලා අහලා තියෙනවා එහෙම fiverr වල Traffic එක විකුණලා සල්ලි හම්බ කරන අය ලංකාවෙත් ඉන්නවා. hitleap Run කරන්න නම් තියෙන්න ඕනේ Windows VPS එකක්.


hitleap Run කරනවා කිව්වට ඔබට එය හරියටම පැහැදිලි උනේ නැතුව ඇති මම කියන්නම් වැඩේ වෙන හැටි. මෙන්න මේ සයිට් එකට තමයි https://hitleap.com කියන්නේ. ඔය සයිට් එකේ Reg උනාට පස්සේ ඒ සයිට් එකෙන් දෙනවා Software එකක් ඒක Windows VPS එකක Install කරගන්න ඕනේ (ගෙදර තියෙන Computer එකේ ඕක Install කරන්න යන්න එපා ) Install කරාට පස්සේ අපි ඔය Software එක Open කරගන්න ඕනේ. ඔය Software එකේ තියෙනවා වෙබ් Browser වගේ එකක්. ඒ වෙබ් Browser එකෙන් සැරෙන් සැරේට Close වේවි එක එක වෙබ් සයිට් වලට යන්න ගන්නවා ස්වයංක්‍රීයව. එහෙම යනකොට අපි ඔය hitleap Software එක Run කරන කාලයට හරියන්න අපිට free Minutes ලැබෙනවා ඒ වෙබ් සයිට් එකෙන්. ඒ Minutes වලට හරි යන්න අපිට පුලුවන් අපේ වෙබ් සයිට් වලට Traffic එකක් ලබා ගන්න hitleap සයිට් එකෙන් free. ඔන්න ඕකට තමයි hitleap Run කරනවා කියලා කියන්නේ.

දැන් මේ වැඩේ කරන ආකාරය කියලා දෙන්නම්.

මා මුලින් කිව්වා මේ වැඩේට Windows VPS එකක් ඕනේ කියලා ඔබ කොහෙන් හෝ Windows VPS එකක් මිල දී ගන්න.

ඊළගට මෙන්න මේ සයිට් එකට ගිහින් එකේ Register වෙලා Account එකක් හදා ගන්න https://hitleap.com

ඊට පස්සේ Windows VPS එකට Remote Desktop ලොග් වෙන්න. (Windows VPS එකට Remote ලොග් වෙන හැටි මෙතන තියෙනවා ගිහින් බලන්න http://www.lktips.com/2014/10/windows-remote-vps-server-windows-remote.html )

දැන් VPS එකට Remote Desktop ලොග් උනා නම් VPS එකේ වෙබ් Browser එක Open කරන් යන්න VPS එකෙන් https://hitleap.com එකට. ගිහිල්ලා ඔබේ Account එකට ලොග් වෙලා යන්න Traffic Exchange වලට


දැන් එතන තියෙන Download HitLeap Viewer කියන එක ඔබලා ඒක Download කරගන්න VPS එකට.


ඊට පස්සේ ඒක Install කරගන්න VPS එකේ (අපේ පරිගනකයේ Software Install කරනවා වගේ තමයි VPS එකේ Software Install කරන කොටත්)

ඊළගට Install කර ගත්ත HitLeap Viewer එක Open කරගන්න. ඊට පස්සේ ලොග් වෙන්න තැනක් එයි Software එකේම එකේ Password , Username අහයි ඒවට HitLeap එකේ හදා ගත්ත Account එකේ Password , Username දීලා ලොග් වෙන්න.

ඊළගට Account එකට ලොග් උනාට පස්සේ පහත රුපයේ වගේ තැනක් ලැබේවි එකේ Start ඔබලා පුලුවන් HitLeap ක්‍රියාත්මක කරගන්න.



ඒක ඔබපු ගමන් මන් අර කියපු Web Browser එකක් වගේ එක Open වෙනවා. ඊට පස්සේ එකෙන් ස්වයංක්‍රීයව එක එක වෙබ් සයිට් වලට යන්න ගන්නවා. එතකොට (මම පහත රුපයේ කොටු කරලා තියෙන තැන බලන්න) HitLeap Viewer එකේ උඩ අපිට ලැබෙන Minutes ගාන සටහන් වෙන්න ගන්නවා.


ඔබේ Account එකේ Minutes කියක් තියෙනවද කියලා බලා ගන්න පුලුවන් Overview වලින්


Minutes කිහිපයක් එකතු උනාට පස්සේ ඔබට පුලුවන් My Web Sites ගිහිල්ලා ඔබේ බ්ලොග් / වෙබ් එතනට එකතු කරලා Traffic එක ලබා ගන්න.


fiverr කරනවනම් HitLeap Premium Account එකකට මාරු කරගන්න ඕනේ ඒකට $ 10 විතර යනවා කියලා තමයි කරන අය කියන්නේ.

0 Comments:

Post a Comment

Amazon Ads