Wednesday, October 15, 2014

Windows 10 හි Technical preview මිලියනයකට අධික භාවිතාවක්....

   Microsoft සමාගම පසුගියදා පවසා සිටියේ තම windows 10 හි technical preview නිකුතුව මේ වන විට ලොවපුරා භාවිතාකරන්නන් මිලියනයකට වඩා භාවිතාවට පිවිස ඇති බවකි. ආයතනික මට්ටමේ භාවිතාව සදහා වඩාත් නම්‍ය නව මෙහෙයුම් පද්ධතියක ලෙසට එක් අතකින් මෙම නිකුතුව සංවර්ධනය කරන්නට වන අරමුනින් පැමින ඇති මෙම නිකුතුවට අමතරව එලබෙන වසරේ මුල් භාගයේ සාමන්‍ය භාවිතකරන්නන් සදහා වන පෙර නිකුතුවක් පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වී ඇත්තේ. 
             එසේම මේ වන විට හෙලි වෙමින් ඇති කරුනු පැහැදිලි කර සිටින්නේ Microsoft සමාගමට windows 10 මෙහෙයුම් පද්ධතිය එහි පෙර නිකුතුව වූ windows 8 හි දිගුවක් ලෙසට නොව වෙනම මෙහෙයුම් පද්ධතියක් ලෙසට එහි ක්‍රියාකාරීත්වයෙන් පමනක් නොව නම් කිරීමේදීද ලබා ගන්නට අවශ්‍ය වූ අනන්‍යතාවය windows 9 මග හරින්නට හේතුවක් වූ බවටයි. windows 8 සමග භාවිතාකරන app පැරනි traditional app සමග සිදුවූ විභේදනය මෙම නව සංස්කරනය සමග සමනය කර ඇති අතර අහිමිවූ start menuව යලි පැමිනීම Desktop භාවිතාකරන්නන් වෙතට වැඩි අවධානයක් නව සංස්කරනය සමග පැමිනෙන්නට හේතුවනු ඇති බවට බලාපොරොත්තු වෙමින් තිබෙනවා. 

0 Comments:

Post a Comment

Amazon Ads