Wednesday, October 15, 2014

තොරතුරු අවකාශය වඩාත් වේගයෙන් අලුත්වන කාලයක අප සිටින්නෙමු

  තොරතුරු අවකාශය වඩාත් වේගයෙන් අලුත්වන කාලයක අප සිටින්නෙමු. වෙළඳ පොල වැඩි වැඩියෙන් ජංගම ගතියෙන් යුත් දත්ත උපාංග වෙත තම අවධානය යොමු කරමින් සිටී.ප්‍රධාන පෙලේ ආයතනය ලෙසට ගැනෙන මයික්‍රසොෆ්ට් ආයතනය මෙන්ම ඇපල් ආයතනයද තම මෘදුකාංග සංස්කරන මෙන්ම දෘඩාංග සංස්කරන සමගද වෙගයෙන් ඉල්ලුම වැඩි වෙමින් ඇති ජංගම උපාංග වෙත යොමු වෙමින් පවතින බව දක්නට හැක.මයික්‍රසොෆ්ට් සමාගම තම Surface උපාංගයේ දෙවන සංස්කරනය මේ වන විට වෙළඳ පොලට නිකුත් කොට ඇති අතර පසුගිය දා ඇපල් ආයතනයද තම නිෂ්පාදන  පෙලෙහි මීලග උපාංග සංස්කරන නිකුත්කරන්නට කටයුතු කල අතර එහිදීද ජංගම ගතියෙන් වැඩි උපකරන සදහා අමතර සංස්කරන පවා ගෙන එමින් වඩාත් තරග බිමට එලබෙන්නට කටයුතු කරන අයුරක් දක්නට ලැබිනි.
                                          ලෝකය වැඩි වැඩියෙන් තොරතුරු අවකාශය භාවිතයට පෙලෙබිමෙන් ඇති බව තව දුරටත් සැක කටයුතු කාරනාවක් නොවේ. අන්තර්ජාලය බාවිතයට වඩාත් පහසුවීම හා ඒ සදහා ගොවිය යුතු මිල වේගයෙන් අවමවෙමින් පැවතීම මෙන්ම වඩාත් සරල භාවිතාවන් පැමිනීම මෙම නව ප්‍රවනතාවයට වැඩි හේතුවක් ලෙසට පිලි ගැනෙමින් ඇත. අයෙකුගේ වෘතීය ජීවිතය , පෞද්ගලික ජීවිතය , විනෝද ජීවිතය මෙන්ම සමාජීය ජීවිතයටද දත්ත භාවිතවන් වේගයෙන් පිවිසෙමින් ඒවා වඩාත් සුව පහසු කරමින් සිටීමද තවත් හේතුවක් වන්නට ඇත.e මුදල් භාවිතාව , e mail භාවිතාව මෙන්ම සමාජ ජාලා භාවිතාව ඔස්සේ වඩාත් ප්‍රායෝගිකව ජීවිතයට පැමිනෙන මෙම නව ප්‍රවනතා මග හරින්නට නොහැකිවා පමනක් නොව ඒවා ‍රැගෙන එන වඩාත් නවීන ජීවන රටා ඔස්සේ තම ජීවිත තෘප්තිමත් කරගන්නට වැඩි වැඩියෙන් පුද්ගලයන් පෙල බෙමින් ඇත.

0 Comments:

Post a Comment

Amazon Ads